ආයෙත් වරද්දාගත් ඉඳුනිල් ගැන පර්පල් රේන්ජ් නායක සේනක ක්‍රිස්බන් මුල්වරට කියූ සත්‍ය කතාව

කිසිම අදහසක් නෑ මිනිහව ආයෙත් බෑන්ඩ් එකට ගන්න.. කුඩුකාරයෝ බෑන්ඩ් එකේ තියාගන්න බෑ… අවුරුදු 20 ක් තිස්සෙ මම දන්නවා මිනිහා කවුද කියලා..

දකුණු ලකින් බිහිවූ ජනප්‍රියම සංගීත කණ්ඩායමක් තමයි පර්පල් රේන්ජ් කියන්නෙ. මේ දවස්වල පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායම ගැන සමාජ ජාල වෙබ් අඩවිවල නොයෙකුත් කතා බහ සිදුවෙමින් තිබෙනවා.

ඊට ප්‍රධානම හේතුව තමයි පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ නිවේදක සහ ගායක ඉඳුනිල් අන්ද්‍රමාන ප්‍රසංග වේදිකාවේ දක්නට නොලැබීම.

බොහෝ දෙනෙකු ෆේස්බුක් ඔස්සේ ඒ පිළිබඳ විවිධ අදහස් පළ කරමින් සිටිනවා. ඇතැමුන් පවසා තිබුණේ ඉඳුනිල් මතට ලොල්වීම නිසා සංගීත කණ්ඩායමෙන් නෙරපා ඇති බවයි. කෙසේ වෙතත් මේ පිළිබඳ ඇත්ත විස්තරේ දැනගන්න හිරු ගොසිප් අපි පර්පල් රේන්ජ් නායක සේනක ක්‍රිස්බන්ට කතා කළා. ඔහු පැවසුවේ මෙවැන්නක්…

ර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ ගායක ඉදුනිල් අන්ද්‍රමාන පිලිබදව පසුගිය සමයේ අහන්නට ලැබුනේ ඔහු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැවී පසුව ඉන් මිදුනු බවයි. නැවතත් ඔහු මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලාද? මේ ඒ පිලිබදවයි.

පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ නම කියද්දිම චාමර වීරසිංහ එක්කම කියවෙන අනිත් නම තමයි ඉදුනිල් අන්ද්‍රමාන්න. සංගීත කණ්ඩායමේ නියාමක නිවේදන ශිල්පියා විදියට කටයුතු කරමින් පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායම ලංකාවෙ විතරක් නෙමෙයි මුලු ලෝකය පුරාම ජනතාව අතරට ගෙනයන්න ඉදුනිල්ට පුලුවන් උනා.

ඒත් මේ වෙනකොට ඉදුනිල් පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමෙන් ඉවත් වෙලා කියලා වාර්තා උනා.
එයට හේතුව පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායම විසින් තම ෆේස්බුක් පිටුවේ සදහන් කරලා තිබුණේ මෙලෙසින්.

“නැවතත් සුපුරුදු පරිදිම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා හැදෙන්න අවස්ථාව දුන්නා හැදුනේ නෑ පරණ පුරුදු ආයෙත් කලා ඒව නතර කරන්න අවවාද දුන්නා ඇහුවෙ නෑ කණ්ඩායමක් එක්ක යනකොට විනය අවශ්‍යම සාධකයක් ඔහුගේ පවුලේ අය විසින් නැවත වතාවක් පුනරුත්ථාපන කිරීම සදහා මාස 6කට ඉදුනිල් කදවුරක් වෙත යොමු කලා මේ වන විටත් ඔහු ප්‍රතිකාර ලබමින් එහි සිටිනවා.

ඉතින් මට සිදු වුනා මේ තීරණය ගන්න හැමෝම අහන්න ගත්තා ඉදුනිල්ට මොකද උනේ කියලා හැමදාමත් සගවා ගෙනම ඉන්න බෑ.

එයින් සිදු වන්නේ මා වගේම මාගෙ කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයනුත් අපහසුතාවට පත් වන එකයි.ඉදුනිල් ඉවත් කිරීමට සාමාජිකයන් කිසිවකු සම්බන්ධයක් නොමැත ඔහුගේම අතින් සිදු වූ වරදින් මෙය සිදු විය සුබ ගමන් ඉදුනිල්.”

මේ අතර ඉඳුනිල් අන්ද්‍රමානගෙන් මෙම සිද්ධිය පිළිබඳ කරුණු විමසීමට අප කිහිප වතාවක් දුරකතනය ඔස්සේ උත්සාහ කළද එම උත්සාහයන් සාර්ථක වුණේ නැහැ. ඉඳුනිල් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ පසුගියදා පළ කළ සටහනක් පහතින් නරඹන්න…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *