තරුණයින් පිරිසක් එකතුවී විනාශ වී ගිය විහාරස්ථානයකට නැවතත් පණ දෙයි – අපිත් ඔවුන්ගේ මේ උතුම් ක්‍රියාව Like එකකින් අගයමු

හැමෝම ෆේස්බුක් එකේ අපි සිංහල අපි බුද්ධාගමේ කියලා පොස්ට් Share කරාට සිංහල ජාතිය රැකගන්න බුදුදහම සුරකින්න වැඩ කරන අය ඉන්නේ ඉතාමත් සුළු පිරිසක්. ෆේස්බුක් එකේ කියන දේවල් ක්‍රියාවෙනුත් කරනම් අද අපේ රටේ ජාතිය බුදුදහම මිට වැඩ ඉහල තැනකයි තියෙන්නේ ඕනේ. අපි මේ අද ඔයාලට කියන්න යන කතාවත් ඒ වගේ කතාවක්. දිනෙන් දින ගරා වැටෙමින් විනාශ මුඛයේ තිබූ කළුතර බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ විහාරස්ථානයක් තරුණ පිරිසකගේ දායකත්වයෙන් නැවත ගොඩනගා තිබෙනවා.

ඉතාමත් දිර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන මෙම විහාරස්ථානයේ මින් පෙර සිල් මෑණියන් දෙනමක් වැඩසිටිය බවත් අපිට දැනගන්නට් ලැබුණා. එසේම අද මේ ඉරණමට පත්වෙලා තිබෙන මෙම පන්සල ඉතාමත් මහලු පුද්ගලයෙක් ආරාක්ෂා කරගනිමින් එහි රැඳී සිටියය බවත් අපිට දැනගන්නට ලැබුණා ප්‍රදේශයේ ගම්මාන රැසක ජනතාවගේ දායකත්වයෙන් සහ මහාසංඝරත්නයේ අනුදැනීම මත ඉදිරි සංවර්ධන කටයුතු සිදුකිරීමට නියමිතව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *