තෙල්දෙණිය ඇඳිරි නීතිය ඉවත් කරයි – පුද්ගලයන් 24 අත් අඩංගුවට අරගෙන මෙන්න අළුත්ම තත්වය

තෙල්දෙණිය ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිද්ධිය හේතුවෙන් මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට බලපැවැත්වෙන පරිදි පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය පෙරවරු 6.00ට ඉවත් කර තිබෙනවා.

මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිද්ධියක් හේතුවෙන් ඊයේ දහවල් සිට මහනුවර පරිපාලන දිස්ත්රිික්කයට පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබීය.

මේ වන විට ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කර ඇති අතර කලහකාරී සිද්ධිය සමතයකට පත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

තෙල්දෙණිය මැද මහනුවර අම්බාලේ පදිංචිව සිටි 41 හැවිරිදි දෙදරු පියකු මැර ප‍්‍රහාරයකට ලක්වී මියයෑමේ සිද්ධිය මුල්කරගෙන තෙල්දෙණිය සහ අවට ප‍්‍රදේශ කීපයක ඇතිවූ නොසන්සුන් තත්ත්වයක් ඇති වුණා.

මැරප‍්‍රහාරයට ලක්වූ පුද්ගලයා මිය යෑමේ සිද්ධියට විරෝධය දක්වමින් සංවිධානාත්මක පිරිසක් තෙල්දෙණිය මැද මහනුවර සහ දිගන ප‍්‍රදේශවල වෙළෙඳසැල්වලට පහර දෙමින් රථවාහන ධාවනයට බාධා වන අයුරින් ගල්මුල් ප‍්‍රහාර එල්ලකරමින් සාමය කඩවන අයුරින් නොසන්සුන්කාරි ලෙස හැසිරුනු අතර ඔහුන් පාලනය කිරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප‍්‍රහාර එල්ලකර ඇඳිරි නීතිය පනවනු ලැබුවා.

කලහකාරී පිරිස එල්ල කළ ප‍්‍රහාරවලින් තෙල්දෙණිය දිගන, උඩිස්පත්තුව, මොරගහමුල ආදී ප‍්‍රදේශවල කඩසාප්පු කීපයකට අලාභහානි සිදුවී තිබූ අතර, තුවාල ලැබූ පුද්ගලයන් කීපදෙනකු රෝහල් ගත කර තිබෙනවා.

නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් දේපළවලට පහරදුන් පුද්ගලයන් සියලූ දෙනා අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන බවයි පොලිසිය සඳහන් කළේ. තෙල්දෙණිය සහ දිගන ඇතුළු ප‍්‍රදේශයේ ආරක්ෂාවට තවදුරටත් පොලිසියේ විශේෂකාර්ය බළකායේ සහ යුද හමුදාවේ ආරක්ෂාව යොදවා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *