ශ‍්‍රීලනිප තුනට කැඩෙයි. කොටසක්ම මහින්දට තවත් පිරිසක් එජාපයට

පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිපලයත් සමඟ පවතින දැඩි දේශපාලන අස්ථාවරත්වය හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනට කණ්ඩායම් තුනක් වශයෙන් බෙදී ඇතැයි වාර්තා වනවා. එම පක්ෂයේ සාමාජිකයින් කොටස් තුනකට බෙදී, පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ එක් විය යුතු බව පවසන අතර, තවත් පිරිසකගේ තීරණය වී ඇත්තේ ශ‍්‍රීලනිපය ලෙස ජාතික ආණ්ඩුවේම සිටිය යුතු බවයි. තවත් ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවවරුන් 07 දෙනෙකු එක්සත් ජාතික පක්‍ෂයට එක්වීම සදහා දැනටමත් තීරණය කර ඇති බවත් මේ පිළිබඳව ජනාධිපතිවරයාට දැනුම්දී ඇති බවත් වාර්තා වනවා.

ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් 43 දෙනෙකු කැබිනට්, රාජ්‍ය, නියෝජ්‍යය අමාත්‍යය ධුර දරමින් වත්මන් ජාතික ආණ්ඩුව තුළ කටයුතු කරනු ලබනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *